🏡 කොන්දේසි
- 01. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හෝ සේවකයෙකු විසින් බාහිර පුද්ගලයන් වෙනුවෙන් මෙම
නිවාඩු නිකේතනය වෙන් කරවා නොගත යුතුය.
- 02. මෙහි නවාතැන් ගත හැක්කේ ළමුන්ද ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු පමණි.
- 03. නවාතැන් ගැනීමට පැමිණෙන දිනට අවම වශයෙන් දින 10කට පෙර දැනුම් දිය යුතුය.
- 04. නියමිත දින නවාතැන් නොගතහොත් අදාල ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ.
- 05. ඔබ අතින් යම් අලාභහානියක් සිදුව ඇත්නම් එම අලාභයේ වටිනාකම නවාතැන් බංගලාවෙන් පිටවීමට
පෙර
බංගලා භාරකරුට ගෙවිය යුතුය.
- 06. දෙපාර්තමේන්තු අවශ්‍යතාවය මත ඕනෑම අවස්ථාවක මෙම වෙන් කිරීම අවලංගු කල හැක.
- 07. සංචාරක බංගලාව වෙන් කරවා ගත් දිනයේ නවාතැන් ගැනීමට නොහැකි වුවහොත් සාධාරණ හේතු මත පමණක්
දින 03කට පෙර මෙම කාර්යාලයට දැන්විය යුතු අතර, ඒ සඳහා
වෙනත් දිනයක් ලබා ගන්නේ නම් ඔබ විසින් ගෙවන ලද මුදලෙන් 50%ක් දෙපාර්තමේන්තුව රඳවා තබා ගන්නා
අතර ඉතිරි 50%ක මුදල නැවත ඔබ විසින් ගෙවිය යුතුය.
ගෙවීම් තොරතුරු
මහජන බැංකුව - නගර මධ්‍ය ශාඛාව
ගි.අ.: 176100159027316
දුම්රිය සාමාන්‍යාධිකාරී
(ඕනෑම මහජන බැංකුවකින් ගෙවිය හැක.)